අවුරුදු රෙදිපිළි ආනයනයට රටෙන් පිටවූ විශාල ඩොලර් ගණන මෙන්න

Report

අලුත් අවුරුදු සමය සඳහා රෙදිපිළි සහ උපාංග ආනයනය සඳහා මෙම වසරේ මුල් මාස දෙක (ජනවාරි - පෙබරවාරි) තුළ ඇමරිකානු ඩොලර් මිලියන 49.3ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 2.3ක වැඩිවීමක් ලෙස වාර්තා වේ. ඉකුත් වසරේ මුල් මාස දෙක තුළ රෙදිපිළි සහ උපාංග ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 48.2ක් වැය කර තිබූ අතර, ඒ අනුව මෙම වසරේදී ඩොලර් මිලියන 1.1ක වැඩිවීමක් දක්නට ලැබේ.

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

මෙම වසරේ පෙබරවාරි මාසයේදී පමණක් රෙදිපිළි සහ උපාංග ආනයනය සඳහා ඩොලර් මිලියන 27.5ක් වැය වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

මේ අතර සීනි සහ රසකැවිලි ආනයනය සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළ වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 32.3ක් ලෙස සඳහන් වන අතර එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 62.6ක අඩුවීමක් බවද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

ඉකුත් වසරේ සීනි සහ රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 86.4ක් වැය කර තිබූ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

“මහ මොළකරු කවුද?” - ඥාණසාර හිමිගේ ප්‍රකාශය එක්ක ඇමති ආනන්ද පැටලේ

“මහ මොළකරු කවුද?” - ඥාණසාර හිමිගේ ප්‍රකාශය එක්ක ඇමති ආනන්ද පැටලේ

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!