ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Rugby Sports Sinhala news
By Mithu May 24, 2025 11:26 AM GMT
Mithu

Mithu

Report

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර ඇත. අනිද්දා (26) සිට ශ්‍රී ලංකා පුහුණුකාරිත්වය භාරගන්නා ඔහු ආසියානු රග්බි ශූරතාවලිය අවසන් වනතෙක් සිය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රොඩ්නි ගිබ්ස්, නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත්සමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය ජූනි මස ආරම්භවීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ජූනි 13වනදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන දෙවන තරගය ජූනි 22වනදා හොංකොං රාජ්‍යයට එරෙහිව හොංකොංහිදී ක්‍රීඩාකරනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන අවසන් තරගය ජූලි 4වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් ක්‍රීඩාකරන අතර, එයද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. 2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද මෙය පැවැත්වෙන අතර, ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ඒ සඳහා ඍජුව සුදුසුකම් ලැබීමට අවස්ථාව ඇත.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමට ජූලි මස පැවැත්වෙන අප්‍රිකානු කලාපීය තරගාවලියේ අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායම සමගින් යළි තරග වැදී ලෝක කුසාලන වරම් හිමිකරගැනීමේ අවස්ථාවක් ඉතිරිව ඇත. ජපානය දැනටමත් 2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටියි.

ReeCha