රාජ්‍ය ආයතන 33ක් සඳහා - සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
අදාළ ඒකකය මේ වනවිට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර 2026 අයවැය යෝජනාවලට අනුකූලව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව දීර්ඝ කාලයක් පවතින හිඟ වගකීම් පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව ද සඳහන් වේ.
වැඩිදුරටත් වාර්තාවේ දැක්වෙන්නේ හිඟ වගකීම් පියවීම සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක් 2026 අගෝස්තු මාසය අවසන් වනවිට ගෙවා නිමකර ඇති බවයි.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්රයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාමයන්ට බාධා එල්ල වීම සහ ඇණවුම් අවලංගු වීම ඇතුළු ගැටලු රැසක් ඒ අතර වන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම අභියෝග මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කර ඇති බව ද අදාළ වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්
එම ව්‍යවසායන් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා කර තිබූ සමස්ත ලාභය රුපියල් බිලියන 227.8කි.
ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක සමස්ත ලාභය රුපියල් බිලියන 31.5කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.