රුවන්වැලිසෑය ගැන මතුවූ ආන්දෝලනය තවත් උණුසුම් වෙයි - ගම්මන්පිලගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
අනුරාධපුර ශුද්ධ නගර සංවර්ධන ගැසට් පත්‍රය සහ බෞද්ධ ආගමික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සිදුකර ඇති පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
අද (02) එතෙල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මාලිමා ආණ්ඩුව බෞද්ධ විරෝධී නොවන බවට ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉදිරිපත් කළ තර්ක පිළිගත නොහැකි බවයි.
ආණ්ඩුව බෞද්ධ විරෝධී බව පෙන්වා දීම සඳහා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඉදිරිපත් කළ නිශ්චිත කරුණු 14ක් පවතින බවද ගම්මන්පිල මහතා සිහිපත් කළේය.
ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්ති උත්සවයේදී පිරිත් දේශනාවට අදාළ කටයුතු ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ පූර්ණ සැසිවාරයේදී ජයමංගල ගීතය අත්හිටුවීම, රුවන්වැලිසෑය හුදෙක් ස්මාරකයක් ලෙස හැඳින්වීම සහ ශ්‍රී මහා බෝධිය සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදුකළ ප්‍රකාශ ඇතුළු කරුණු රැසක් ඔහු මෙහිදී උදාහරණ ලෙස ඉදිරිපත් කළේය.
එමෙන්ම, ශ්‍රී මහා බෝධිය සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදුකළ ප්‍රකාශ තාර්කිකව විවේචනය කළ අවස්ථාවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය. මේ අතර, රුවන්වැලිසෑය අවට ආරක්ෂිත වැටක් ඉදිකිරීමට උත්සාහ කරන පුද්ගලයන් මානසික රෝගීන් බවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්
එහිදී ගම්මන්පිල මහතා කියා සිටියේ අදාළ ගැසට් පත්‍රයේ අංක 2477/44 යටතේ 7A පිටුවේ සඳහන් කරුණු අනුව අමාත්‍ය බිමල් රත්නායක මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට තමන් තර්ක කරන බවයි. තවද, රුවන්වැලිසෑය ආශ්රිත ශුද්ධ නගර සංවර්ධන කටයුතුවලදී චෛත්‍යය හාරා හානි කරන බවට තමන් ප්‍රකාශ කළේ යැයි එල්ල වන චෝදනා ඔප්පු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාට අභියෝග කරන බවද ඔහු පැව
තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන්ද ගම්මන්පිල මහතා විවේචනාත්මකව අදහස් පළ කළේය. එමෙන්ම, තමන් ඉලක්ක කරගනිමින් රජය ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව පොලිසියට සහ අධිකරණයට ගොස් නීතිමය පියවර ගැනීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය. අනුරාධපුර ශුද්ධ නගර සංවර්ධන ගැසට් පත්‍රයේ පවතින බව කියන දෝෂ වහාම නිවැරදි කරන ලෙසත්, ඒවා සැඟවීමට උත්සාහ නොකරන ලෙසත් උදය ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලා සිටියේය.