විදුලි සේවකයින් දැඩි වෙයි - රටටම අනතුරු අඟවමින් වැඩ වර්ජනය අඛණ්ඩව
සිය ඉල්ලීම් වෙනුවෙන් සාධනිය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බවට විදුලි සේවක වෘත්තීය සංගම් අවධාරණය කරයි.
ඔවුන් මේ බව සඳහන් කළේ නව විදුලි සංගම් ප්රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් එක්ව ඊයේ (09) දින පස්වරු 3.00ට ආරම්භ කළ සංකේත වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්ර කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පස්වරුවේ දැනුම්දෙන බව මින් පෙර දැනුම් දී තිබුණා.
මෙම හදිසි සංකේත වර්ජනය වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කළේ විදුලිබල මණ්ඩලය ඈවර කිරීමත් සමඟ ඉතිරි වූ සේවකයින්ට පත්වීම් ලිපියක්, තනතුරක් හෝ ඔවුන් යොමු කරන ආයතනයක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.