විදුලිය බිදවැටේ ප්‍රදේශ රැසක් කළුවරේ - වර්ජනයට අඛණ්ඩ වර්ජනයක් කිරීමට සැලසුම්
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් එක්ව ඊයේ (09) පස්වරු 3.00ට ආරම්භ කළ සංකේත වර්ජනය අද (10) පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක අතර, වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ මෙම වර්ජනයට අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පස්වරුවේ දැනුම්දෙන බවයි.
විදුලිබල මණ්ඩලය ඈවර කිරීමත් සමග ඉතිරි වූ සේවකයින්ට පත්වීම් ලිපියක්, තනතුරක් හෝ ඔවුන් යොමු කරන ආයතනයක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසමින් වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ පස්වරුවේ හදිසි සංකේත වර්ජනයක් ආරම්භ කළේය.
මීට දශක 5කට පමණ පෙර පිහිටුවනු ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වූ අතර එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6කට බෙදීමේ ක්‍රියාවලිය ඊයේ සිට බලාත්මක විය.