තැපෑල ඩිජිටල්කරණයට සැරසෙයි.

K W Shantha Bandara Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet
By Hashini Nov 10, 2023 10:46 AM GMT
Hashini

Hashini

Report

 ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්ය.

ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් විතර දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට හැකියාව පවතින බවයි.

එසේම මෙම වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ගැනීමට කටයුතු කරන අතරම ලබන අවුරුද්ද වන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ReeCha