මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

Report

ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාර සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

මෙන්න මේ දරුවන්ට රජයෙන් රු 5,000ක මාසික දීමනාවක්

මෙන්න මේ දරුවන්ට රජයෙන් රු 5,000ක මාසික දීමනාවක්

සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් වාහන පනතේ 151 වන වගන්තියට අනුව මෙම නව නියෝගය නිකුත් කර ඇති අතර කිසියම් රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සාධාරණව සැකකරනු ලබන අවස්ථාවකදී රියදුරා සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳව මෙම නියෝගයෙන් පැහැදිලි කර ඇත.

ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම නියෝගයට අනුව රියදුරෙකුගේ සමේ යම් අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක්, අස්වාභාවික හැසිරීමක්, රියදුරුගේ කථාව, ක්‍රියාව, චලනය, සමබරතාවය සහ ඇස්වල පෙනුම අනුව මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට සාධාරණ සැකයක් හටගත් විට අදාල රියදුරු පරික්ෂාව සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව පවතින බවයි.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

එහිදි මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට හඳුනාගනු ලබන රියදුරෙකු ඛේට පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරියාට බලය හිමිවන අතර ඒ සඳහා අනුමත කරන ලද උපකරණ පොලිස් නිළධාරීන් වෙත ලබා දීමට කටයුතු සිදුවේ.

එම නියෝගයේ වැඩිදුරටත් වාර්තා වන්නේ, එම පරීක්ෂා කිරීම පොලිස් ස්ථානයකදී හෝ වෙනත් යම් පහසු ස්ථානයකදී සිදුකළ යුතු අතර එය මහජනතාවට නොපෙනෙන සේ සිදුකළ යුතු බවයි.

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

යම් හෙයකින් රියදුරෙකු ඛේට සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් එම රියදුරා රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු වෙත පරික්ෂණ සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කළයුතු බවයි.

ඛේට පරීක්ෂණයෙන් පසුව රියදුරු යම් මත්ද්‍රව්‍යක් හෝ මත්ද්‍රව්‍ය මිශ්‍රණයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියා සෑහීමකට පත්වන අවස්ථාවකදී එම රියදුරු හැකිතාක් ඉක්මනින් රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ රජයේ රෝහලක බලයලත් නිලධාරියෙකු වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බවයි.

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

ඒ අනුව අදාළ රියදුරු විසින් එම වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම මත රුධිර, මුත්‍ර, ඛේට හෝ වෙනත් ශාරිරික ශ්‍රාවයන් වන සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බවයි.

අදාළ සාම්පල පිලිබඳ රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන අවසන් වාර්තාවට අනුව රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වන්නේ නම් ඒ සඳහා නිතීමය පියවර ගැනීමේ බලය පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ඔහු විසින් බලය ලබා දෙන පොලිස් නිලධාරියාට හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිකුත් කළ නව නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..