කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

Report

"ජන සතු වීම මහින්දට සතුටක්" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, රැකගත් මිනිස් වත්කමෙහි වටිනාකම අනෙකුත් සියලු වත්කම් ඉක්මවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ:

හිටපු ජනාධිපති, මාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියගේ පැමිණීම මට මහත් සතුටකි. රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් දිනූ ලුතිනන් කර්නල් ගෝඨාභය, ආරක්ෂක ලේකම් ගෝඨාභය, ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට ගෞරවයකි. ඔහු කුමන තනතුරක සිටියද, මිනිසුන් රැකගැනීමට කැපවූ බව මම විශ්වාස කරමි.

විමල් දුටු විට මට එක් විශේෂ සිදුවීමක් මතකයට නැගේ. සේනාධිනායකයා ලෙස, ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙස, සහ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මාගේ ජීවිත කාලය පුරාවට ලැබුණු සතුටු දායකම ප්‍රවෘත්තිය ලැබුණු මොහොතේ විමල් මා අසල සිටියේය.

අප දෙදෙනා සිනහවෙන් බෙදාගත් එම සතුට මට හොඳින් මතකය. දශක තුනක් පුරා අප රටත් ජාතියත් විනාශ කළ, තම වර්ගයාම පලිහක් ලෙස යොදා ගනිමින් දමිළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරලක් එල්ලා, අතට බෝම්බයක් දුන්, නමුත් තමන්ගේ ගෙලට සයනයිඩ් කරලක් නොදැමූ ත්‍රස්තවාදියා මියගොස් ඇති බව තහවුරු වූ එම ප්‍රවෘත්තිය මා ලැබූ සතුටු දායකම ආරංචියයි. විමල්ටද එය එසේම වූ බව මම විශ්වාස කරමි.

මේ දිනවල කාල්ටන් නිවසට පැමිණෙන දූ දරුවන්ගේ සහ ජනතාවගේ කතාබසට සවන් දෙමි. ඔවුන්ගේ සතුටින් පිරුණු මුහුණු මම සැමදා දැකීමට බලාපොරොත්තු වූවකි. පැමිණෙන සියලු දෙනා දෙස මම බලා සිටිමි. හැකි පමණින් ඔවුන් සමඟ කතාබස් කරමි. රැකගත් මිනිස් වත්කමෙහි වටිනාකම අනෙකුත් සියලු වත්කම් ඉක්මවයි. ජන සතු වීම මහින්දට සතුටකි.