ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළේ අවුරුදු 13ක් වයසැති පාසල් සිසුවකුට පහරදී ඇසක් තුවාල කළැයි කියන සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරියක් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.
මෙම සැකකාර ගුරුවරිය මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර විදුහලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් අසා ඇති බව කොටහේන පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ.
එහිදී එම ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් කේන්ති ගත් ගුරුවරියගේ අතේ තිබූ ඇලුමිනියන් අඩු රූලකින් දමා ගසා තිබේ.
එහිදී එම අඩි රූල සිසුවාගේ දකුණු ඇසෙයි වැදි තුවාල වී ඇති බවද විමර්ශන නිලධාරියා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වා ඇත.
කොටහෙන්න පොලිසිය අධිකරණයට දක්වා ඇත්තේ සැකකාරියගේ පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.