මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා
පෙරේදා (21) දින තංගල්ල, ඇන්නපිටිය ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන්ට සහ තවත් අයෙකුට පහරදීමේ වරදට සැකපිට තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය වාර්තා කරයි.
මෙම අපරාධයට හේතු වී ඇත්තේ පෙරහරකට සම්බන්ධ නර්තන කණ්ඩායම් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් දුරදිග යාමෙන් බව සදහන් වේ.
වැඩිදුරටත් පොලිසිය පැවසුවේ , පසුගිය සැප්තැම්බර් 03 වැනි දා විහාරස්ථානයේ පැවති පෙරහරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු වූ බවයි.
සැකකාර මන්ත්‍රීවරයා මෙම පෙරහැරේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවට පත් 42 හැවිරිදි මන්ත්‍රීවරයා තංගල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර තිස්ස පාරේ පදිංචිකරුවෙක් හා පෙරහැරේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ඔක්තෝබර් 01 වන දින දක්වා රිමාන්ඩ් කරන මෙන් නියෝග කර ඇත.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත, තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.