පොහොට්ටුව හදිසියේම නව තනතුරු රැසක් පත්කරයි..නාමල්ට හිමිවූ තැන මෙන්න.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතායි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි පැවසෙන්නේ.