කහවත්ත මූලික රෝහල අමු අපායක් සායනික අපද්‍රව්‍ය තැනින් තැන

Report

කහවත්ත මූලික රෝහලේ සායනික අපද්‍රව්‍ය දින ගණනාවක් තිස්සේ දහනය නොකිරීම නිසා රෝගීන් මෙන්ම අවට නිවාසවල පදිංචිකරුවන්ද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විට එම අපද්‍රව්‍ය දහනය කිරීම සඳහා වෙන්කළ ස්ථානය සම්පූර්ණයෙන්ම සායනික අපද්‍රව්‍ය මලු ගොඩගැසී ඇති අතර අවට දුර්ගන්ධයද පැතිර යමින් පවතී.අපද්‍රව්‍ය මලු තුළ ඇති රුධිරය තැවරුණු ගෝස් කැබැලි සුනඛයන් විසින් තැන තැන ඇද දමා ඇත.

රෝහල් වාට්ටු තුළ නේවාසික රෝගීන්ද මෙයින් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් කහවත්ත මූලික රෝහලෙන් කළ විමසීමකදී දැනගැනීමට ලැබුණේ දැනට මාසයක පමණ සිට අපද්‍රව්‍ය දහනය කරන ගෑස් උදුන අක්‍රියව තිබූ බවයි.

රජයේ පාසල්වලට මෙන්න තවත් සුබ ආරංචියක්

රජයේ පාසල්වලට මෙන්න තවත් සුබ ආරංචියක්

එම කාලය තුළ කහවත්ත රෝහල හා අවට රෝහල්වලින් දහනය කිරීම සඳහා රැගෙන එන ලද සායනික අපද්‍රව්‍ය මෙලෙස ගොඩගැසී ඇත. එම දහන පහසුකම් අනෙක් රෝහල්වල නොමැති වීම ඊට හේතුවයි. මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති අතර එහි නඩත්තු කටයුතු සිදුකරන කොළඹ පිහිටි සමාගමක් විසින් අවස්ථා කිහිපයකදීම එම උදුන නැවත සකස් කළ ද අවස්ථා කිහිපයක්ම එය ක්‍රියාවිරහිත වු බව නම සඳහන් නොකළ එම් ප්‍රකාශකයා පැවැසීය.

ඇල්ලේ වීරයා වුණ ඩොක්ටර් පාලිත මේ පාර විනය පරීක්ෂණයට ගෙන්නලා තියෙන්නේ 21 වෙනි පාරට

ඇල්ලේ වීරයා වුණ ඩොක්ටර් පාලිත මේ පාර විනය පරීක්ෂණයට ගෙන්නලා තියෙන්නේ 21 වෙනි පාරට

එමෙන්ම ඒ සඳහා යොදවා ඇත්තේ එක් සේවකයකු බවත් අපද්‍රව්‍ය ගොඩගැසී ඇති අවස්ථාවක එය පෙර තිබු මට්ටමට ගැනීමට දිග කිහිපයක් ගතවන බවයි. මෙම කාර්යය එක් සේවකයකු මඟින් ඉටුකර ගැනීම ඉතා අසීරු වන අතර තවත් සේවකයකු මෙයට යොදවා ගැනීමට හැකි නම් එකී කාර්ය පහසු වන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අදාළ ධාරීන්ගේ අවධානය යොමුකර මෙවන් අවස්ථාවකට මුහුණදීමට සුදුසු පරිදි කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත දැනුම් දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත දැනුම් දීමක්