නිධන් හැරීමේ සිද්ධියකට ඇතුළට ගිය DIG සහ බිරිඳ ඇතුළු කට්ටිය යළි රිමාන්ඩ්
නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගර ගත කර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු නවදෙනා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (08) දින ඔවුන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන සැප්තැම්බර් මස 22 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් අතිරේක මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝගය කර තිබෙනවා.
මෙසේ චෝදනා ලබා ඇත්තේ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු නවදෙනෙක් බව සඳහන්.