දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මඟීන්ට විශේෂ නිවේදනයක්
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
එනිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එමෙන්ම දුම්රිය පීලි පැනීමට ලක්වූ අවස්ථාවේදී තැඹිලි පටවා ගත් කුඩා ලොරි රථයක් ද මෙම දුම්රියේ ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.