ඇල්ලේ වීරයා වුණ ඩොක්ටර් පාලිත මේ පාර විනය පරීක්ෂණයට ගෙන්නලා තියෙන්නේ 21 වෙනි පාරට
By Kaushi
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් වෙනුවෙන් කොළඹ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද (8) දින කැඳවා තිබුණා.
ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කර තිබ්බේ තමා 2022 වසරේදී මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පිළිබඳව සිදු කෙරෙන විනය පරීක්ෂණයකට අදාළව මෙසේ කොළඹ කැඳවා ඇති බවයි.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ බදුල්ල ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තිබෙන බවට තමා එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ බවත් ඒ පිළිබඳව එවකට සෞඛ්‍ය බලධාරීන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
මේ අතර තමා මෙවර කොළඹ පැමිණියේ එම විනය පරීක්ෂණ මණ්ඩලය හමුවේ 21 වැනි වතාවට පෙනී සිටීම සදහා බව ද ඔහු පවසා ඇත.
ඒ අනුව වසර කීපයක් තිස්සේ අවස්ථා ගණනාවක දී තමා මෙසේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කැඳවා පරික්ෂණ කටයුතු සිදු කරන බවයි වෛද්‍ය රාජපක්ෂ මහතා කියා ඇත්තේ.