තාම මේ අවුරුද්ද ඉවර වුණෙත් නෑ, හැබැයි මාරක අනතුරු 1,757කින් පුද්ගලයෝ 1,870ක් මැරිලා
2025 වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 04 වනදා තෙක් කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා විසින් මේ බව සඳහන් කළේ අද (08) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,
"දිනකට 07 දෙනෙක් 08 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා විශේෂයෙන්ම මේ මාරක රිය අනතුරුවලින්.දැන් 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා මාරක රිය අනතුරු 1,757කින් 1,870 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.ඒ නිසා මාර්ගය භාවිතා කරන රියදුරු මහතුන්, පැදිකරුවන්, පදිකයින් සහ මගීන් කියන සියලුමදෙනාම මාර්ග නීතිවලට අවනත වෙලා මාර්ග සංඥාවලට අවනතවෙලා ස්වයං පාලනයකින් කටයුතු කළ යුතුයි." යනුවෙන්.
