පොලිසියට යන්න ඉන්න තරුණ තරුණියන්ට මෙන්න සුබ ආරංචියක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Government Employee
By Aruna Aug 04, 2024 05:32 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක් සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ 4020කගේ පුරප්පාඩු පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වනවා.

පොලිසියේ අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 60,000ක්. 2023 වර්ෂය අවසන් වන විට සිටින පොලිස් කොස්තාපල්වරුන් සංඛ්‍යාව 30909ක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන්ගේ පුරප්පාඩු 29,091ක් පැවතුණි.

ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 03 වන තැනට එයි..දකුණු කොරියාව සහ ජපානය 01 සහ 02 හිමිවෙයි..රටටම ආඩම්බරයක්..

ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 03 වන තැනට එයි..දකුණු කොරියාව සහ ජපානය 01 සහ 02 හිමිවෙයි..රටටම ආඩම්බරයක්..


කෙසේවුවද 2019 හා 2020 යන වර්ෂවල දී අනුමත සංඛ්‍යාව නොසලකා උසස්වීම් ලබාදීම නිසා පොලිස් සැරයන් තනතුරේ 10,900ක අතිරික්ත නිලධාරීන් සංඛ්‍යාවක් සිටින බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ.

විගණනය මගින් අනාවරණය කර ඇත්තේ, එම අතිරික්ත පොලිස් සැරයන් තනතුරු සංඛ්‍යාව පොලිස් කොස්තාපල්වරුන්ගේ තනතුරු සංඛ්‍යාවෙන් අඩු කළ ද තවදුරටත් පුරප්පාඩු වී පවතින පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 18,190ක් වන අතර, අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාවෙන් සියයට 30ක පමණ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතීම මහජන සේවාවන් පවත්වාගෙන යෑමේ දී ගැටලු රැසක් නිර්මාණය කර ඇති බවයි.

එමෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාව 10000ක්. එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 4020ක් වන අතර, අනුමත පුරප්පාඩු සංඛ්‍යාව නොසලකා උසස්වීම් ලබා දීම හේතුවෙන් පොලිස් සැරයන් තනතුරේ නිලධාරීන් 645 දෙනෙක් අතිරික්තව සිටියි.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..


ඒ අනුව අදාල විගණනය වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ, කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාවෙන් සියයට 34ක පමණ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි.

ReeCha