රජයේ පාසල්වලට මෙන්න තවත් සුබ ආරංචියක්
රජයේ පාසල් පද්ධතියේ යොවුන් නව නිපැයුම් සමාජ 100 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සමස්ත රටම ආවරණය වන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පවසයි.
ඒ අනුව අඳාළ වැඩසටහනේ ආරම්භය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අධිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.
එසේම මෙම නව නිපැයුම් සමාජ පිහිටු වීම සිදු වන්නේ පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය සඳහායි.
තවද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් මෙම වැඩසටහන මෙහෙයවන බව වාර්තා වේ.
එමෙන්ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම සහ පළාතක්ම ආවරණය වන ලෙස මෙම පැසල් තෝරා ගෙන තිබීමද සිදු කර ඇත.
තවද මූලික අදියරේ දී සමාජයේ පවතින ගැටළුවකට විසදුමක් ලබාදෙන හා දේශීය ආර්ථිකයට දායකත්වයක් දෙන නව නිපැයුවේ හා නවෝත්පාදන සබැඳි යෝජනාවන් වෙනුවෙන් රුපියල් 50000 මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සේවය කරන කරනු ලබන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දෙන බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.