මන්ත‍්‍රීන් 102ක් පොහොට්ටුව අත්හරී?..රනිල්ට සහය දෙන්න තීරණය කරයි..නාමල්ට 15යි..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මැති ඇමතිවරුන් අතරෙන් 102ක පමණ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.

ඔවුන් මේ වන විටත් ජනාධිපතිවරයා සමඟ ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සම්බන්ධයෙන් සහ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

රනිල්ට සහය දෙන්න මහින්ද සූදානම් බව දැනුම්දෙයි..

රනිල්ට සහය දෙන්න මහින්ද සූදානම් බව දැනුම්දෙයි..


ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජන රැලි සඳහා ඉන් මන්ත්‍රීවරුන් හැටකට ආසන්න පිරිසක් දැනටමත් ගොඩ වී තිබීම විශේෂත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තීරණය මත ඔවුන් තම පෞද්ගලික තීරණද ගැනීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

පොදු ජනපෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළහොත් මෙම මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානමක ඇති බවද වාර්තා වේ.

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..


පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයෙන් පක්ෂයේ මතය සමග සිටින මන්ත්‍රී ප්‍රමාණය විස්සකට වඩා අඩු ප්‍රමාණයක් බවත් එම පිරිසෙන් ද වැඩි පිරිසක් සිටින්නේ පක්ෂයේ අවසන් තීරණය මත තම පුද්ගලික තීරණය ගැනීමට යැයිද මේ වන විට දේශපාලන ආරංචි මාර්ග පවසයි.