රනිල්ට සහය දෙන්න මහින්ද සූදානම් බව දැනුම්දෙයි..

Report


ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දක්වන අපේක්ෂකයා හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

"ක්ලබ් වසන්ත" ඝාතන සිද්ධියට අත්අඩංගුවට පත් "ටැටූ මල්ලිට" සිදු වූ දේ..

"ක්ලබ් වසන්ත" ඝාතන සිද්ධියට අත්අඩංගුවට පත් "ටැටූ මල්ලිට" සිදු වූ දේ..


රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළහොත් උඩින්ම සහාය දෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමටද පක්ෂය තීරණය කළොත් ඒ සඳහාද සහය දෙන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම පුද්ගලික මතය මත අපේක්ෂකයන්ට සහාය දීමට තීරණය කර ඇති බවත්, එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන් පසුව එය ගැටලුවක් නොවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත අවධාරණය කළා.

සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පල කරන ලදී.