නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්
බාලවයස්කාර දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා කියා සිටියේ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අයහපත් සිදුවීම් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, දරුවන්ගේ ආරක්ෂාව සඳහා මෙම සීමාවන් පැනවීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි.
මෙසේ සීමාවන් පැනවීමේ වගකීම මූලික ලෙසම ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය සතු වන බවත්, රජය මඟින් ඒ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගත් වහාම එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
ඒ අනුව මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ පාසල් සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධ සංවේදී සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම සාකච්ඡා නැවත කරළියට පැමිණ තිබෙනවා.
එවැනි අන්තර්ගතයන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතවලට දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දුන් වීරරත්න මහතා, විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ කරුණු නිසි ලෙස තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් බව ද අවධාරණය කර සිටියා.
"අපි තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ. නමුත් සමාජ මාධ්‍ය හරහා බාලවයස්කාර දරුවන්ගේ මානසිකත්වයට සිදුවන හානිය වැළැක්වීමට රටක් ලෙස අප පියවර ගත යුතුයි," යනුවෙන් ඔහු සඳහන් කළා.
එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් දැනටමත් මෙවැනි සීමාවන් පනවා ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව සතු බව ද පැවසුවා.
තවද රජය නිසි සැලැස්මක් සකස් කළ පසු, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සමාගම් ඔස්සේ අදාළ සීමාවන් පැනවීමට සමාජ මාධ්‍ය ජාල මෙහෙයවන ආයතන වෙත උපදෙස් දිය හැකි බව ඔහුගේ අදහස විය.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම සහ අන්තර්ජාල හිරිහැර (Cyberbullying) ඉහළ යාම සලකා ලොව පුරා රටවල් රැසක් දැඩි නීති පැනවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.