ලංකාවේ ඉරණම වෙනස් කරන්න සැරසෙයි - ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය දෙයි

Report

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය වෙනුවෙන් ආයෝජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට එම නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 11 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ සකස් කර ඇති අදාළ නියෝගය, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව 2026 ජූලි 16 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

එබැවින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ කිහිපයක් තුළ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට, අදාළ ලංසු කැඳවීමේ සඳහන් පරිපාලන ගාස්තු ගෙවා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

සමාජ මාධ්‍ය හොල්ලන අශේන් සේනාරත්න සහ දැහැමිගේ පවුලට අලුත් ආශිර්වාදයක්- පුංචි දියණියකගේ පැමිණීම

සමාජ මාධ්‍ය හොල්ලන අශේන් සේනාරත්න සහ දැහැමිගේ පවුලට අලුත් ආශිර්වාදයක්- පුංචි දියණියකගේ පැමිණීම