මිනිරන් පතලට වැ‍ටුණු කාන්තාවගේ සිද්ධියේ ඛේදනීය කතාව !

accident sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 21, 2022 07:06 AM GMT
krishani

krishani

Report

අම්පේගම මිරිස්වත්ත කොටියාකන්ද මුදුනේ අත් හැර දමන ලද මිනිරන් පතලකට වැටී අසාධ්‍යව සිටිය දී බේරා ගත් කාන්තාවක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

ඇය 39 හැවිරිදි දෙදරු මවක්. ගම්වාසීන් පිරිසක් කොටියාකන්ද ප්‍රදේශයේ ඉණි කැපීම සඳහා ගොස් සිටින අවස්ථාවක දී ඇසුණු කෙඳිරිලි හඬක් පරීක්ෂා කිරීමේ දී මෙම කාන්තාව අඩි 45ක් පම්ණ ගැඹු‍රැති මිනිරන් වලකට වැටී ඇති ආකාරය දක්නට ලැබුණා.

වහාම මේ පිළිබඳව පොලීසිය දැනුවත් කල පසු පොලිස් නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතුව මෙම කාන්තාව බේරාගෙන තිබෙනවා.

ඇය මිනිරන් පතලට වැ‍ටුණු ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමේ දී පොලීසිය විසින් තොරතුරු අනාවරණය කර ගත්තා. ඇගේ සැමියා විදේශ ‍රැකියා ලබා දීමේ වංචනික චෝදනාවකට ලක්ව මේ දිනවල රිමාන්ඩ් භාරයේ පසුවනවා. ඇය සිය දරු දෙදෙනා ද සමඟ හල්පාතොට ඔවුන්ගේ නිවසේ පදිංචි වී සිට ඇති අතර ඇය වැටී සිටි මිනිරන් පතල ඇත්තේ නිවසේ සිට කිලෝමීටර් 06ක් පමණ දුරකින්. ජංගම දුරකතනයෙන් හඳුනාගත් පුද්ගලයෙකුගේ ඉල්ලීම පරිදි අම්පේගම ස්ථානයකට තමන් පැමිණි බවත්, පසුව එම පුද්ගලයා සමඟ කන්දට ගිය බවත් කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා. කන්දේදී එම පුද්ගලයා තමන්ගේ හැඳුම්පත සහ ජංගම දුරකතනය උඳුරාගෙන ඒවාට හානිකර තමාට ද බෝතලයකින් පහර දී පපුවට පයින් පහරක් එල්ල කල බව ඇය කියා සිටිනවා. එසේ පපුවට ප්‍රහාරයක් එල්ල කිරීමේ දී තමන් පතලට වැ‍ටුණු බවයි කාන්තාව පවසා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now