තවත් බිහිසුණු අනතුරක්,බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Sri Lanka Police Accident Death Srilanka Bus Sinhala news
By Kaushi Aug 27, 2025 09:47 AM GMT
Kaushi

Kaushi

Report

මත්තේගොඩ කොට්ටාව මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 30 ක තරුණයෙක් මිය ගොස් ඇත.

ඒ අනුව මත්තේගොඩ පොලීසිය පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ප්‍රකාශ කරයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාරවලට හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

එසේම මියගිය පුද්ගලයා මත්තේගොඩ, සල්ගස් මාවතේ පදිංචි දේවින්ද රුක්ෂාන් බණ්ඩාර නමැති කාර්මික ශිල්පියෙක් බව සඳහන්.

එමෙන්ම මෙම අනතුර කොට්ටාව දෙස සිට පැමිණි යතුරුපැදිය මෝටර් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් සිදුව ඇති බව පවසයි.

කෙසේ වෙතත් අනතුරට සම්බන්ධ බස් රථය සහ යතුරු පැදිය දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථයේ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එසේම මත්තේගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න