තාක්ෂණයේ නවතම පෙරලිය ! මොකද්ද මේ අසා නැති චන්ද්‍රිකා වනසන සර්ප රොබෝව ? (PHOTOS)

sri lanka china Robot gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 21, 2022 06:25 AM GMT
krishani

krishani

Report

ඉලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකාවලට අභියෝගයක් වන චන්ද්‍රිකා නාශක රොබෝ අවියක් චීනය නිපදවා ඇත.

මෙම රොබෝ අවිය සර්ප හැඩරුවක් ගන්නා අතර සර්පයෙක් ක‍්‍රියාකරන ආකාරයට ක‍්‍රියා කරයි.

මෙම සර්ප රොබෝ චන්ද්‍රිකා නාශක අවිය සතුරු චන්ද්‍රිකා විනාශ කිරීමට මෙන්ම චීන චන්ද්‍රිකා ආරක්ෂා කිරීමටත් හැකියාව පවතින බව විශ්ලේෂකයෝ පවසති. ගගනගාමීන්ට හෝ අභ්‍යවකාශ යානාවල ඇති රොබෝ අත්වලට ළඟා විය නොහැකි ඕනෑම අවකාශයකට යාමට මෙම සර්ප රොබෝ චන්ද්‍රිකා නාශක අවියට හැකියාව තිබේ.

මෙම රොබෝවට හානිකර චන්ද්‍රිකා ග‍්‍රහණය කරගැනීමට හැකියාව තිබෙන අතර පිඹුරකු ගොදුරක් වෙලාගන්නා සේ වෙලා ගන්නා අතර එහිදී වෙලා ගන්නා කුඩා චන්ද්‍රිකා මිනිසකුගේ ඇටකටු පොඩි කරන්නා සේ පොඩි කර විනාශ කිරීමට හෝ කුඩා චන්ද්‍රිකාවක්,විශාල වස්තුවක් ගමන් ගන්නා මග වෙනස් කිරීමට,තිබෙන තැනින් වෙනත් තැනකට රැගෙන යාමේ හැකියාව තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

අභ්‍යවකාශ යානයකට සම්බන්ධ වන මීටර් 1.5 (අඩි 5) දිග සර්ප රොබෝ යන්ත‍්‍රය එක අතක් කොටස් නවයකින් සමන්විත වන අතර, ඒ සෑම කොටසකින්ම නිව්ටන්-මීටර් 190 ක බලයක් ජනනය කළ හැක.එය අශ්ව බල 1200 එන්ජිමක් සහිත හාලි ඬේවිඞ්සන් බයිසිකලයක යෙදෙන බලය මෙන් දෙගුණයකි. මෙම සර්ප රොබෝ කිසිම විටකත් අවියක් ලෙස භාවිත නොකරන බව චීනය පවසයි.

තම චන්ද්‍රිකා ආරක්ෂා කිරීමටත්,අලූත්වැඩියා කටයුතු කිරීම සඳහාත් මෙම සර්ප රොබෝ භාවිතා කරන බව චීන බලධාරීහු පැවසූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now 


GalleryGallery