මනාලියගේ අතගන්න ගිය මනාලයා,යන අතරමඟ දිවි හැර යයි ! සියල්ලන් බලා සිටියදී සිදුවූ බිහිසුණු අනතුරේ කිළිපොලා යන දර්ශන මෙන්න

india Accident world dead gagana news Sri lanka sinhala news today trending news indian news
By krishani Feb 21, 2022 01:47 AM GMT
krishani

krishani

Report

කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවස වෙන්නෙ ඒ කෙනා විවාහ වෙන දවස.

ඒ දවස වෙනුවෙන් මඟ බලාගෙන හිටියා වුණත්, හදිසියේ හරි දෛවයට පුළුවන් ඒ දවස 'අවාසනාවන්ත දවසක්' කරන්න.

එවැනි අවාසනාවන්ත සිදුවීමක් ඊයේ(20) වාර්තා වුණේ අපේ අසල්වැසි රටෙන්. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් සිය විවාහ මංගල්‍යය සඳහා යමින් සිටි මනාලයා ඇතුලු 9 දෙනෙකු නොඑන ගමන් ගොස් තිබෙනවා.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සංවිධාන කර තිබූ මංගල උත්සවය සඳහා ඔවුන් ගමන් ගත් මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේ කොටා දිස්ත්‍රික්කයේදී ගංඟාවකට පෙරළී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ උදෑසන සිදු වූ මෙම අනතුරෙන් මියගිය පුද්ගලයන් හත්දෙනෙකුගේ සිරුරු මුලින් ඉවත් කරගත් අතර, පසුව තවත් සිරුරු දෙකක් සොයාගැනුනා. මෝටර් රථය අඩි හත අටක් ජලයේ ගිලී තිබූ බව සඳහන්.

බොහෝ විට රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය කනගාටුව පළ කර ඇති අතර, ප්‍රධාන අමාත්‍යවරයෙකු වන අශෝක් ගෙලාට් ද අනතුර ගන ට්විට් සටහනක් තබා තිබුණා.

"මිය ගිය ආත්මයන්ට ශාන්තිය පතමි.. පවුල්වලට මගේ බලවත් ශෝකය..."

ඉන්දියාවේ මෙවැනි අනතුර බහුල අතර, පසුගිය වසරේ එය ලක්ෂ ගණන ඉක්මවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විඩියෝ දර්ශන - ඉන්දීය මාධ්‍ය Daily Rajasthan You Tube channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now