දූපත් රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව ලෝකේ ලස්සනම රට වුණේ මාලිමාව නිසාලු

Sri Lanka Politician Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By Kaushi Aug 04, 2025 09:05 AM GMT
Kaushi

Kaushi

Report

භාණ්ඩ මිල හා වැට් බද්ද අඩු කරන්නයි ඉල්ලුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ තවත් වසර තුනක් සිටිය යුතු නිසා එම කාලයේදී එවැන්නක් සිදු කළ නොහැකි බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

එසේම ඔහු ප්‍රකාශ කළේ මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනෙන් 2028 වසරේ ඉවත් වීමට නියමිතව ඇති වුවද 2027 වසර වන විට භාණ්ඩාගාරය පොහොසත් කර එම වැඩසටහනින් ඉවත් වන බවයි.

එසේම එවිට වැට් බද්ද අඩු කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජන හමුවක් අමතමින්.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, “අපි බලයට එනකොට ශ්‍රී ලංකාවේ කිව්වහම කවුරුත් විදේශිකයින් ගණන් ගන්නේ නෑ. අර බංකොලොත් රටනේද? අපෙන් ගත්ත ණය ගෙවපු නැති රට නේද ? කියලා අහන්නේ.එහෙම තිබුණ රටක් අද ලෝකයේ වාසනාවන්ත රටක් බවට පත්වෙලා තියෙනවා. ඊයේ පෙරේදා ලෝකයේ තියෙන දූපත් රාජ්‍යයන්ගෙන් ලස්සනම රට කියලා ශ්‍රී ලංකාව නම් කලා”

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

ReeCha