රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්
වාහනවලට පවතින ඉහළ ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත්, ඉදිරි මාසවලදී ද මෙරට වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අරමුණින් රජයට ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සිදු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ යටතේ එළඹන වසරේ අයවැයෙන් වාහනවලට වන බදු සහ වාහන මිලදී ගැනීම් සඳහා ලබා දෙන ණය පහසුකම්වලට අය කරන පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කිරීමට ඉඩ ඇති බව ද සඳහන්.
එසේම ඉකුත් පෙබරවාරි මාසයේදී වසර පහකට පසු වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් ඩොලර් මිලියන 550 ක ණයවර ලිපි වෙනුවෙන් දැනටමත් ගෙවීම් සිදු කර ඇති බවත් සඳහන්.
කෙසේ වුවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පවතින ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත් එය කළමනාකරණය කිරීමට රජයට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති වැඩසටහනට අනුව, වාහන ආනයනයට සීමා පැනවීම අපහසු වුවද, ආනයනය අධෛර්යමත් කිරීමට පියවර ගැනීමට රජයට හැකියාව ඇත.
තවද නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා.
එමෙන්ම දැනටමත් පෞද්ගලික භාවිතය සඳහා වාහන 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බවද පවසයි.
