මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

Breadfruit Water Cut Water Board Water Sinhala news
By Kaushi Aug 04, 2025 08:44 AM GMT
Kaushi

Kaushi

Report

කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බවට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිත ඇති බවයි.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන්නේ කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබෙනවා.

එම නිසා කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දූව යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

මේ අතර ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින බව ද වාර්තා වේ.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

ReeCha