තත්ත්වය අතිශය අවදානම් මේ පැති වලට නායයෑම් අවදානම්

Report

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

අද (22) පස්වරු 2:30 සිට හෙට (23) පස්වරු 2:30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය :- නාගොඩ

කළුතර දිස්ත්‍රික්කයේ :- ඉංගිරිය, වලල්ලාවිට සහ බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කයේ :- යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කයේ :- මාවනැල්ල

මාතර දිස්ත්‍රික්කයේ :- පිටබැද්දර සහ කොටපොල

රත්නපුර දිස්ත්‍රික්කයේ :- රත්නපුර, කොළොන්න, කලවාන, අයගම, බලංගොඩ, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ සහ නිවිතිගල

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කයේ :- බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය සහ හල්දුම්මුල්ල

කොළඹ දිස්ත්‍රික්කයේ :- පාදුක්ක කළුතර :- මතුගම සහ හොරණ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ :- කටුවන

මහනුවර දිස්ත්‍රික්කයේ :- පාතහේවාහැට, තුම්පනේ, ගඟඉහළ කෝරළය, උඩුදුම්බර, උඩුනුවර, උඩපළාත, ගඟවට කෝරළය සහ පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කයේ :- අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ

මාතර දිස්ත්‍රික්කයේ :- පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ :- කොත්මලේ සහ අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කයේ :- ඇඹිලිපිටිය, කිරිඇල්ල, ඕපනායක සහ වැලිගෙපොළ, කල්තොට