ග්‍රාම නිලධාරී සංගමය හදිසියේම තීරණයක් ගනී..ඔවුන් කරන්න යන දේ මෙන්න..

Government Sri Lanka Oil problem Grama niladari sangmaya
By Aruna Apr 20, 2022 02:59 AM GMT
Aruna

Aruna

Report

රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කාර්යාල දින සහ ක්‍ෂේත්‍ර කටයුතු සීමා කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අවධාරණය කර තිබෙනවා.

ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ සඳුදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දින පමණක් කාර්යාල සහ ක්‍ෂේත්‍ර රාජකාරිවල නිරත වන බවටයි.

මීට පෙර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින තුන කාර්යාල දින වශයෙන්ද සඳුදා මහජන දිනය ලෙසද ඔවුන් සේවා කටයුතු සිදුකළා.

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ හදිසි මරණ, ආපදා වැනි ක්‍ෂේත්‍රගත කාර්යන් සුපුරුදු පරිදි සිදුකරන අතර, රැස්වීම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග වෙත යොමුවන බව ද ග්‍රාම නිලධාරී සංගමය කියා සිටියා.

හැඳුනුම්පත් මුදල් ගිණුම් ගත කිරීම සඳහා දින 14 ක උපරිමයක් ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටින්නේ දින 7 ක් තුළ ගිණුම් ගත නොවූ මුදල් පිළිබඳ විගණනයන් සිදුවීම හේතුවෙන්.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, අනවශ්‍ය ක්‍ෂේත්‍ර රාජකාරි අවම කරන ලෙසත්, ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now