"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි
ගාල්ල ප්රදේශයට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් එල්ල කළ ටෝර්පිඩෝ ප්රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ සිට අනතුරට පත්ව බේරාගත් ඉරාන නෞකාවේ සෙබළුන් විසින් ශ්රී ලංකාව අගය කිරීමේ පුවතක් අරුණ පුවත්පත වාර්තා කරයි.
පුවත්පතට අනුව ඉරාන සෙබළුන් පවසා ඇත්තේ,
"ලංකාවේ කෑම රසයි.ඉදිආප්ප පිට්ටු හොදයි.මුහුදේ මැරෙන්න හිටිය අපිට ශ්රී ලංකාව පිහිට වුණා.ඇත්තටම අපිට ශ්රී ලාංකිකයන් ගැන පුදුම හිතෙනවා.අපි කරදරය වැටිලා ඉද්දි ශ්රී ලංකා රජය මැදිහත් වෙලා අපිව බේරගත්තා.බීමට වතුර පවා අහිමිවෙමින් තිබුණේ.කෑම බීම බෙහෙත් නැතිව මහ මුහුදෙම අවසන් හුස්ම පොද යවන්න වෙයි කියලයි අපිට හිතුනේ.ඒත් ශ්රී ලංකාවේ නාවික හමුදාව එකතු වෙලා අපිව බේරගත්තා." ලෙස ඔවුන් තම අදහස් එක්කල බව පවසා ඇත.