පැය 16කට වතුර කපනවා - දැන්ම වතුර රැස්කරගන්න නැත්නම් අමාරුවේ

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා හෙට (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බවයි.

ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසමට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වෙයි.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය දැනුම් දී ඇත්තේ බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවන බවයි.

මේ පිළිබඳව කනගාටුව පළ කරන අතර, ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ද ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලංකාවම කළුවරේ - රටම අදුරට යයි - තැන් 12,000ක විදුලිය බිඳවැටෙයි - සූදානමින් සිටින්න

ලංකාවම කළුවරේ - රටම අදුරට යයි - තැන් 12,000ක විදුලිය බිඳවැටෙයි - සූදානමින් සිටින්න