ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

Report

ඉරානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ගෝලීය තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පාකිස්ථානය ඊයේ (06) දින ඩීසල් සහ පෙට්‍රල් සිල්ලර මිල සියයට 20කින් පමණ ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම සිදු කරමින් ලීටරයක මිල එරට මුදලින් රුපියල් 55කින් ඉහළ නංවන බව රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වේස් මලික් නිවේදනය කර තිබුණා.

ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල පාකිස්ථාන රුපියල් 321.17ක් වන අතර, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 335.86ක් දක්වා ඉහළ යන බව වාර්තා වේ.

බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පහු කරයි - 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝකෙටම අනතුරු ඇඟවීමක්

බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පහු කරයි - 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝකෙටම අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත් මෙම මිල ඉහළ දැමීම පාකිස්ථානයේ උද්ධමනය තවදුරටත් ඉහළ නැංවීමට සහ එරට දිළිඳු ජනතාවට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතු වනු ඇති බව වාර්තා වේ.

මේ අතර මිල ඉහළ නැංවීමේ නිවේදනය නිකුත් කිරීමට පෙර සිටම ලාහෝර් සහ කරච්චි වැනි ප්‍රධාන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටීම දක්නට ලැබී ඇත.

ඊට අමතරව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ ඉන්ධන තොග රැස් කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.

එසේම ඛනිජ තෙල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රජය මඟින් සෑම සතියකම ඉන්ධන මිල නැවත සමාලෝචනය කරන බවයි.

පාකිස්ථානය ප්‍රධාන ලෙස සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ආනයනය කරයි. 

ඇවිලෙන් යුද්දෙන් ලෝකයම රජ කරන රුසියානු තෙල්

ඇවිලෙන් යුද්දෙන් ලෝකයම රජ කරන රුසියානු තෙල්

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?