ලංකාව ලොකු අර්බුදයක අප්‍රේල්වලට කළින්..රටටම විදුලිය නැති වෙන ලකුණු
දැනට ක්‍රියාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ඔස්සේ මෙරටට ගෙන්වන ලද ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලු මතු වී ඇති තිබෙනවා. එනිසා ඉදිරි මාස කිහිපය තුළ රට දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙයි.
එනම් මෝසම් වැසි ආරම්භ වීමට ප්‍රථම, එනම් මාර්තු මැද භාගය වන විට අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගෙන අවසන් කළ යුතු වුවත් පවතින තත්ත්වය හමුවේ අප්‍රේල් මාසයට පෙර එම ඉලක්කය සපුරා ගැනීම අසීරු වී තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුව වශයෙන් දක්වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මුහුද රළු වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වී තිබීමයි.
එමෙන්ම විදුලි උත්පාදනයට භාවිත කළ බාල ගල් අඟුරු නිසා මෙගාවොට් 300ක් අපේක්ෂා කළ ජනන යන්ත්‍රයකින් ලබාගත හැකි වී ඇත්තේ මෙගාවොට් 240ක ධාරිතාවක් පමණක් බව ද වාර්තා වේ.
එසේම නොරොච්චෝලේ බලාගාර පරීක්ෂණාගාරය මඟින් තෙවැනි ගල් අඟුරු තොගය ද ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇත.
ඒ අනුව ගිවිසුම්ගත ප්‍රමිතිය වූ 5900~kcal/kg වෙනුවට ලැබී ඇත්තේ 5600-5800~kcal/kg අතර අගයක් ගන්නා බාල ගල් අඟුරු බව වාර්තාවල දැක්වේ.
වසරකට අවශ්‍ය නැව් 38ක ප්‍රමාණයෙන් මේ වන විට ලැබී ඇත්තේ නැව් 3ක් පමණක් වන අතර තවත් නැව් 3ක් ඉදිරි දිනවලදී දිවයිනට ළඟා වීමට නියමිතව ඇති බව සඳහන්.
මේ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය නිසා රුපියල් කෝටි 750ක පමණ පාඩුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වෙයි. පළමු නැව වෙනුවෙන් රජය මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් පනවා තිබෙනවා.
විදුලි ඉංජිනේරුවන්ට අනුව, ගල් අඟුරුවල තාපජ ශක්තිය අඩු වීම හේතුවෙන් අවශ්‍ය විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වන බව සඳහන්.
ඒ අනුව මෙම තත්ත්වය හමුවේ ලංකා කෝල් සමාගම සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර නැව්ගත කිරීමට පෙර සාම්පල් පරීක්ෂා කිරීමටත්, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමටත් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු අඩාල වුවහොත් එය රටේ සමස්ත බලශක්ති පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව සඳහන්.