තත්ත්වය දරුණු අතට - රෝගීන් ගණන 81,000 ඉක්මවයි රෝහල් ධාරිතාවේ උපරිමයටම
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර, මේ මාසය තුළ ගතවූ දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබේ.
එමෙන්ම පසුගිය ජූනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බව ද එම ඒකකය පෙන්වා දෙයි.
ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 43,132කි. එහිදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වන අතර එම අගයන් පිළිවෙලින් 17,280ක් සහ 16,213ක් වේ.
තවද මේ වන විට දිවයින පුරා අධි අවධානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.