වසර 5කදී පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණ 79ක්

Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ සිට 2025 මැයි මාසය දක්වා කාලය තුළ පමණක් පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් තිබේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ පොලිස් සිර මැදිරි තුළදී මරණ 49ක් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවන ලද ආයුධ පෙන්වීමට යාම වැනි පොලිස් මෙහෙයුම් අතරතුර සිදුවූ ගැටුම්වලින් තවත් මරණ 30ක් සිදුව ඇති බවයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

මේ අතර, මෙම මාසයේදී ද හෝමාගම සහ කොබෙයිගනේ ප්‍රදේශවල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මියගිය අතර, ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වයි.

හෝමාගම සිද්ධියට අදාළව දැනට රිමාන්ඩ් කර වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන්ගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි මරණ වැළැක්වීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් පොලිසිය වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇත. එමෙන්ම, මෙවැනි අත්අඩංගුවේ මරණ වැළැක්වීමට වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද රජයෙන් ඉල්ලා සිටියි.