"..ඉස්සල්ලාම ඔයා පනින්න.. පස්සෙ මම පනින්නම් කිව්වද..?” - කලා වැවට ජීවිතේ දෙන්න ගිය යුවළකට සිද්ධ වෙච්ච දෙයක්.. පෙම්වතා මිය ගිහින් පෙම්වතිය ගොඩට ආවේ මෙහෙමයි.. (VIDEO)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ග්‍රාම සීමාවට මායිම්ව පිහිටා ඇති කලාවැව නැරඹීමට පැමිණි පෙම්වතුන් යුවලක් වැවට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී පෙම්වතා ජීවිතක්ෂයට පත්ව පෙම්වතිය ප්‍රදේශවාසින් විසින් බේරාගෙන තිබෙනවා.
ඊයේ (16) පස්වරුවේ දී මෙම පෙම් යුවල කලාවැව නැරඹීමට පැමිණ ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එහිදී පෙම්වතුන් යුවල කලාවැවට පැන ඇත්තේ, සාමාන්‍ය ජනතාවට ඇතුල්වීමට තහනම් යැයි පුවරුවක් සවිකර ඇති ප්‍රදේශයකින්.
එම ප්‍රදේශය කලාවැවේ හදිසි වාන් දොරටු ද්විත්වය පිහිටා ඇති ප්‍රදේශය වන අතර, එහි පිටවානෙන් මොවුන් වැවට පැන තිබෙනවා. මේ වනවිට අධික වර්ෂාපතනයත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, මෙම පෙම් යුවල දිවි තොර කරගැනීමට යැයි සිතා වැවට පැන ඇති කොටසේ ජල ප්‍රමාණය පමණක් අඩි 20කට ආසන්න බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත්, සිද්ධියෙන් පෙම්වතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම පෙම් යුවල යුද හමුදාවේ සේවය කරනු ලබන අයවලුන් බවයි හඳුනාගෙන ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි 24 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන අතර, ඔහු ගලේවෙල - මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් එක්ව මියගිය සෙබළාගේ සිරුර සොයාගෙන ඇති අතර, ඔහුගේ පෙම්වතිය මේ වනවිට ඉපලෝගම පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
ඇය ද පනාගොඩ යුද හමුදා කඳවුරේ ම සේවය කරනු ලබන 22 හැවිරිදි සාමාන්‍ය සෙබළියක් වන අතර, ඇය ගල්කැටිවල - තලගමවත්ත , හෝමාගම පදිංචිකාරිනියක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, මියගිය සෙබළාගේ සිරුර මේ වනවිට කලාවැව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... Join |