ලංකාවට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්..

Cricket Sri Lanka Cricket England Cricket Team England
By Sewvandhi Aug 08, 2024 01:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර තිබේ. පසුගිය දින කිහිපයේදී සංක්‍රමණිකයන් ට එරෙහිව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 7 දෙනෙක් එංගලන්තය ට ගොස් සිටී. ඔවුන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා ඇති බව සඳහන් ය.

ReeCha