ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කරයි. - බලන්නකෝ අලුතෙන්ම ඇවිත් තියෙන්නේ කවුද කියලා.

Cricket Sri Lanka Cricket Indian Cricket Team
By Wayomi Jul 23, 2024 04:20 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ඊට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ අනුමැතියද ලැබී තිබෙනවා.

එමෙන්ම මෙවර LPL තරගාවලියේ දක්ෂතා අතර සිටි චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කරයි. - බලන්නකෝ අලුතෙන්ම ඇවිත් තියෙන්නේ කවුද කියලා. | Sri Lanka Cricket

නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වනිඳු හසරංග නායකයා ලෙස පත්කළ අතර ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කර තිබුනා.

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන උදේ පාන්දරම ලැබුණු ආරංචිය මෙන්න.

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන උදේ පාන්දරම ලැබුණු ආරංචිය මෙන්න.


ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව ඇත.

නිමාවූ එල් පී එල් තරගාවලියේදී ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේද චරිත් අසලංකයි.

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයිනට පැමිණියා.

මුලින්ම විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)


අනතුරුව කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.

🟢චරිත් අසලංක (නායක)

🟢පැතුම් නිස්සංක

🟢කුසල් මෙන්ඩිස්

🟢කුසල් ජනිත් පෙරේරා

🟢කමිඳු මෙන්ඩිස්

🟢දසුන් ශානක

🟢වනිඳු හසරංග

🟢මහීෂ් තීක්ෂණ

🟢මතීෂ පතිරණ

🟢නුවන් තුෂාර

🟢දුනිත් වෙල්ලාලගේ

🟢දුෂ්මන්ත චමීර

🟢බිනුර ප්‍රනාන්දු

🟢දිනේෂ් චන්දිමාල්

🟢අවිශ්ක ප්‍රනාන්දු

🟢චමිඳු වික්‍රමසිංහ