කණගාටුදායක පණිවුඩයක් - ප්‍රධාන රෝහල් දෙකක නව ඡන්ම දරුවන්ට, කෘත්‍රීම ශ්වසනයට අවශ්‍ය උපකරණවල සහ ඖෂධවල හිඟයක්..
කාසල් වීථිය කාන්තා රෝහලේ නව ඡන්ම දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් එම උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා වෛද්‍යවරුන් මේ වන විටත් විදේශගත පිරිස් වෙත විවිධ දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෘත්‍රීම ශ්වසනය ලබාදීමේදී ශ්වසන ආධාරක සහ පෙනහළු සම්බන්ධ කෙරෙන ප්ලාස්ටික් බටවල හිගයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණින් ඔවුන් එම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.
මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද සායනවලින් ප්‍රතිකාර ලබන දරුවන්ට මීට පෙර මාස 3ක කාලයකට ඖෂධ නිකුත් කිරීම සිදුකළ ද එය මේ වන විට මසක කාලයකට සීමා කර තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කළේ පවතින ඩොලර් අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවත්වා තොග කළමනාකරණය සඳහා එම පියවර ගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |