අද ලංකා ඉතිහාසයේ විශේෂම දිනයක් බවට පත් වෙයි..සවස 3.00ට සිදුවීමට සියල්ල තීන්දුයි..

Cricket Sri Lanka Cricket Indian Cricket Team Cricket Record Sports
By Aruna Aug 07, 2024 06:20 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන සහ අවසන් තරගය අද (07) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

1 - 0ක් වශයෙන් මේ වන විට තරගාවලියේ පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටින අතර, අද තරගයේ ජයග්‍රහණය හිමි වුවහොත් ඉන්දියාවට එරෙහිව ඉතිහාසගතවන එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට අද දිනයේ හැකි වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

එකවරම යළි බැංකු පොලී අනුපාතය වැඩි කරයි..ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..

එකවරම යළි බැංකු පොලී අනුපාතය වැඩි කරයි..ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..


ඉන්දු - ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක ජය ශ්‍රී ලංකාවට හිමිවූයේ 1997 වසරේ වන අතර ඉන් අනතුරුව එකඳු එක්දින තරගාවලියක හෝ ජය ශ්‍රී ලංකාවට හිමි වී නොමැති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් අද තරගය වසර 27කට පසු ඉන්දියාව පැරදවීම සඳහා හිමි වූ ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් සැලකිය හැකි බවයි විචරකයින් අවධාරණය කර ඇත්තේ.

මෙවර එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු සමාන වී නිමාවට පත් වූ අතර දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවන් සමගින් දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

එක්දින තරගාවලිය මේ දක්වා දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනදුන් තණතීරු තුළ ක්‍රීඩා කෙරෙන ආකාරය දක්නට ලැබිණ.

තෙල් මිල එකවරම ඉහල යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල එකවරම ඉහල යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.


මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ප්‍රතිවාදී කඩුලු 20න් 18ක් දවාගැනීමට සමත් වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් ඉන්දීය පන්දු යවන්නන් මෙම තණතීරුවේ උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නා ආකාරය පළමු තරගය තුළ දක්නට නොලැබුණු අතර ඉන්දීය දඟ පන්දු යවන්නන් මේ දක්වා දවාගත්තේ කඩුලු 10ක් පමණක් වීමද විශේෂත්වයක් බවයි පැවසෙන්නේ.

බොහෝවිට අද තරගය පැවැත්වෙන තණතීරුවත් දඟ පන්දුවට මේ ආකාරයේම සහයෝගයක් දක්වනු ඇතැයි විශ්වාස කළ හැකි අතර, මේ හේතුවෙන් කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා බොහෝවිට පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 230 සීමාව ඉක්මවීමට උත්සුක වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනසකින් තොරව දෙවන තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබූ කණ්ඩායමම යෙදවීමට වැඩි ඉඩක් තිබේ.

කෙසේවෙතත් ඉන්දීය සංචිතයේ අමතර දඟ පන්දු යවන්නකු නොමැති වීම හේතුවෙන් දඟ පන්දු යැවිය හැකි පිතිකරුවකු වන රියාන් පරාග් අර්ශදීප් සිං වෙනුවට ක්‍රීඩා කිරීමේ ඉඩක්ද ඇති බවයි පැවසෙන්නේ.

මෙම තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නම් පන්දු රැකීමේ මෙන්ම පිතිකරණයේත් උපරිමය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබා දීම අනිවාර්ය වේ.

මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO)

මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO)


පළමුව පන්දුවට පහරදීමට හැකි වූවහොත් ලකුණු 250 සීමාවට ඉනිම ගෙන ඒම හෝ හඹා යෑමට සිදු වූවහොත් ප්‍රතිවාදීන් ලකුණු 240ට අඩුවෙන් තබාගැනීම මෙහි ජය සඳහා අත්‍යවශ්‍ය වනු ඇති බවයි පැවසෙන්නේ.

ReeCha