මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දෙනු ලැබුවා.

මේබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් බත්තරමුල්ල නෙළුම්මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයේදී දැනුම්දෙනු ලැබීය.

ඒ ඊයේ රාත්‍රිය වන විට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බොහෝ දෙනා හදුන්වමින් සිටි ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීමත් සමගයි.

මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO) | Sri Lanka Podujana Peramuna President Candidate

මෙම විශේෂ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු එමපක්ෂයේ පිරිස් මෙන්ම, මහා සංඝ රත්නයද එක්ව සිටියා.

මීට අදාල සජීවී විකාශනය පහතින් නරඹන්න?