ලෝකෙම ආදරේ දිනූ තවත් තරුවක් දිවි ගමනින් සමු ගයි [PHOTOS]

Report

බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා වන රික් ඩේවිස් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ඔහු මිය යනවිට 81 හැවිරිදි වියේ පසුවුණා.

"Goodbye Stranger" සහ "Bloody Well Right" ඇතුළු ගීත ඔහු රචනා කර ගායනා කළ ජනප්‍රිය ගීත අතර වනවා.

අද (08) දින සුපර්ට්‍රැම්ප් සංගීත කණ්ඩායම තම ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ රුධිර පිළිකා රෝගය නිසා ඔහු මෙසේ පසුගිය සෙනසුරාදා මිය ගිය බවයි.

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

මෙම සුපර්ට්‍රැම්ප් කණ්ඩායමේ හයවන ස්ටුඩියෝ ඇල්බමය වන “Breakfast in America” හි පිටපත් මිලියන 18 කට වඩා අලෙවි වූ අතර එය කණ්ඩායමේ ස්ථාවරත්වය තහවුරු කළා.

එසේම අඳාළ ඇල්බමයට ග්‍රැමී සම්මාන දෙකක් හිමි වූ අතර ඇල්බමයේ ජනප්‍රිය ගීත අතරට “The Logical Song” සහ “Take the Long Way Home.” ඇතුළත් වී තිබුණා.

ඩේවිස් 1988 වන තෙක් කණ්ඩායමේ නායකත්වය දරා තිබුණා.

කෙසේ වෙතත් 2015 දී, ඩේවිස්ට පිළිකා රෝග වැළඳී ඇති බව තහවුරුවීමත් සමඟ යුරෝපීය සංචාරයක සැලසුම් අවසන් ක‍ර තිබුණා.

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

GalleryGalleryGalleryGalleryGallery