මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට
ඉකුත්දා පොලිස් භාරයට ගැනුණු අයිස් රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක වරායේ රඳවා තිබියදී රතු ලේබලය යටතේ පරීක්ෂාවට ලක් කරමින් මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රකාශයකින් හෙළි වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බව සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතා පවසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පති වීරසූරියගේ අධීක්ෂණයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.
ඊට අමතරව මෙම ව්‍යාජ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළා යම් අඩංගුවට ගැනීමට නියමිත බවයි සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කර සිටියේ.