එංගලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ ඉරණම..සියල්ලන් 139ට දැවී යයි.
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වන්නට වුණා.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සිව් දින පුහුණු තරඟය මෙලෙස පැවැත්වෙයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 139කට දැවී ගියේ ය.
වැඩිම ලකුණුලාභියා වූ දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක් වන අතර, ප්‍රභාත් ජයසූරිය ලබාගත් ලකුණු සංඛ්‍යාව 20ක්.
නවක ක්‍රීඩක මිලාන් රත්නායක ද ලකුණු 17ක් රැස් කරනු ලැබීය.
වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 12 සීමාව පසු කර යාමට හැකි වුණේ නොවීම ද විශේෂත්වයක්.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ලයන්ස් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 145ක් රැස් කර ගෙන සිටියේ ය.
එහිදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 03යි.