අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team 2024 T20 World Cup Cricket Tournament ICC Men
By Aruna Jun 08, 2024 12:37 AM GMT
Aruna

Aruna

Report

Update 9.35 a.m -

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති 15 වැනි තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ලකුණු 125ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම  පන්දුවාර 19ක් තුළදී කඩුලු 08ක් දැවී තියුණු සටනකින් පසු ජයග්‍රහනය ලබා ගැනීමට හැකි විය.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE) | Sri Lanka And Bangladeshi Cricket Match 2024

එහි දී තොහිඩ් රිදෝයි ලකුණු 40ක් සහ ලිටන් දාස් ලකුණු 30ක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර කඩුලු 04ක් බිඳහෙළීමද විශේෂත්වයක්.

...............................................

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගෙන් බංගලියන්ට ප්‍රබල අභියෝගයක්..

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ආරම්භයේදී ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගැනීමට සමත් වූ අතර, ඔවුන් පවර්ප්ලේ අවස්ථාවේදී කඩුලු 02ක් දැවී ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.

නමුත් ඉතිරි පන්දුවාර 14ටම ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 71ක් පමණයි.

හුදෙකලා සටනක නිතර වූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන එමින් පන්දු 28කින් ලකුණු 47ක් රැස්කළේ ය.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE) | Sri Lanka And Bangladeshi Cricket Match 2024

ඔහුගේ ඉනිමට අලංකාර හයේ පහරක් හා හතරේ පහර 07ක් ඇතුළත් වන්නට වුණා.

කෙසේ නමුත් ඔහු ලබාදුන් ප්‍රහාරාත්මක වේගය පවත්වාගෙන යාමට සෙසු කිසිඳු පිතිකරුවෙකුට නොහැකි වූ අතර, ඉන් මන්දගාමී පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 26ක් නැතිනම් ඉනිමෙන් පන්දුවාර 4.2ක්ම ක්‍රීඩාකර ඉනිමට ලබාදුන්නේ ලකුණු 21ක් පමණි.

ඊට අමතරව චරිත් අසලංකගෙන්ද ප්‍රහාරාත්මක දායකත්වයක් කණ්ඩායමට නොලැබුණු අතර, ඔහු රැස්කළේද පන්දු 21කට මුහුණදෙමින් ලකුණු 19ක් පමණයි.

ශ්‍රී ලංකා නායකයා මෙවරද පිත්තෙන් අසාර්ථක වූ අතර, ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.

දසුන් ශානකද පන්දු 07කට මුහුණදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 03ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු 19කට මුහුණදී ලකුණු 16ක් රැස්කළේ ය.

ශ්‍රී ලංකාවට ප්‍රබලම බලපෑම එල්ල කිරීමට රිශාද් හුසේන් සමත් වූ අතර, ඔහු පන්දුවාර 04 අවසන් කළේ කඩුලු 04ක් දවාගනිමින්.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 06 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන අතරවාරයේ කඩුලු 03ක් දැවී ලකුණු 28ක් රැස්කර ගෙන සිටියි.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE) | Sri Lanka And Bangladeshi Cricket Match 2024

...................................................

අද තීරණාත්මක ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසියට සිදු වූ දේ මෙන්න..

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැත්වෙන 15 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වී තිබෙනවා.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE) | Sri Lanka And Bangladeshi Cricket Match 2024

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

නවසීලන්තය පළමු වරට අද සටනට එයි.. ශ්‍රී ලංකාව අද පැරදුනොත් ගෙදර!!..

නවසීලන්තය පළමු වරට අද සටනට එයි.. ශ්‍රී ලංකාව අද පැරදුනොත් ගෙදර!!..


අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට ආරම්භ වන අතර, එම තරගය ඩලස් හි, Grand Prairie Stadium හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය මෙය වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබීය.

එමෙන්ම, T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම තරගවදින පළමු තරගයද මෙය වනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යෑමටනම් මෙම තරගය ජයග්‍රහනය කිරීම අනිවාර්යයවේ.

මතීෂ හා සමාන ක්‍රීඩකයෙක් හදිසියේම ගෙන්නයි..හේතුව මෙන්න..

මතීෂ හා සමාන ක්‍රීඩකයෙක් හදිසියේම ගෙන්නයි..හේතුව මෙන්න..


මේ අතර, T20 ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට තරග වදින අතර, 17 වැනි තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30ට තරග වැදීමට නියමිතව තිබේ.