වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත වේ
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල, ඉරණමඩු සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04 ක් සහ රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල වාන් දොරටු 02 ක් බැගින් විවෘත කර ඇත.
මේ අතර, මින්නේරිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබුණ අතර, එහි පහක් අඟල් 06 උසින් සහ එක් වාන් දොරටුවක් අඩියකින් තවමත් විවෘතව පවතින බව මින්නේරිය වාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මෙම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 10 ක් පමණ ජල ධාරිතාවයක් කවුඩුළු වැවට පිටවීමට හේතුවන අතර, අගලවාන් ඇල දෙපස පිහිටි ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දී ඇත.