ජලාශ කිහිපයක් තව දුරටත් වාන් දමයි , මෙන්න මේ අය අවධානයෙන් ඉන්න
By Kanchana
දැනට පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය සදහන් කර තිබේ.
ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකියාව ඇති බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම අධිකාරිය දැනුම් දී ඇත.
තවද කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බවටත් සදහන් වේ .
එවගේම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින හේතුවෙන් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය තව දුරටත් සදහන් කරයි.